කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කෙරේ

කලාවැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලුණු වර්ෂාවත් සමග ජල ධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3 සිට විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් මේ වනවිට විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද සවස් වන විට කලාවැවේ සමස්ථ ජල ප්‍රමාණය අක්කර අඩි 84582ක්ව පැවතුණා.

හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග තත්පරයට ඝණ අඩි 2017ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙනවා.

දඹුලුඔය ඇතුලු ජල මූලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 5101ක පමණ ප්‍රමාණයක් කලා වැවට එක්වෙමින් පවතින බව ද ජලාශ බාර කාර්යාලය සඳහන් කළා.

පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේදී තවදුරටත් එම හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට සහ ආපදා අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කලමණාකරන ඒකකය දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48