spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඳුළු ගෑස් වැදී මියගිය බව කියූ තරුණයාගේ මරණයට හේතුව

අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට අරගල කරුවන් ඊයේ ( 13 ) උත්සාහ කළ අවස්ථාවේදී එල්ල කෙරුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මැදි වූ අරගල කරුවකු අසාත්මිකතාවක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව වාර්තා වූ අතර අද දින එහි මේ සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කරන ලදී .

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කිරීටක ධමනි වල රුධිර කැටි ගැසීමක් නිසා ඇති වූ හෘදයාබාධයකින් මෙම මරණය සිදු වී ඇති බවයි .

මෙම පුද්ගලයා විවිධ විෂ මත්ද්‍රව්‍ය ( හෙරොයින් , අයිස් ) හා මත්පැන් භාවිතයට ඇබ්බැහි සිටි පුද්ගලයෙකු බවටද නිරීක්ෂණය වී ඇත . අද දින මියගිය පුද්ගලයාගේ මෘත දේහය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන ලදී .

මේ පිලිබද පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?