කඳානේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක්

කඳාන, වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 84 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා එම නිවසේ තනිවම වාසය කර ඇති අතර, දෙඅත් ගැට ගසා මුඛය ආවරනය් වන පරිදි රෙදි කැබැල්ලකින් බැඳ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ දියණිය ඊයේ (25) සිය පියා බැලීමට නිවසට පැමිණ ඇති අතර, ගේට්ටුව සහ නිවස අඟුළු දමා තිබීම හේතුවෙන් වැඩිදුරටත් සොයා බැලූ අවස්ථාවේ දී මෙම මෘත ශරීරය හමුව තිබෙනවා.

අනතුරුව දියණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ අනුවයි විමර්ශන ආරම්භ කර කර ඇත්තේ.

මෙම ඝාතනය දින කිහිපයකට පෙර සිදුකර ඇත බවට දැනට සිදුකරන ලද විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

කඳාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?