කන්කසන්තුරෙයි ප්‍රදේශයෙන් බෝම්බ දෙකක් සොයාගැනේ

කන්කසන්තුරෙයි පොලිස් වසමේ ප්‍රදේශ දෙකක තිබී අධිබලැති පීඩන බෝම්බයක් සහ අත්බෝම්බයක් ඊයේ (12) සොයාගෙන තිබෙනවා.

කන්කසන්තුරෙයි, වීමන්කාමම් ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ඉඩමකින් වළදමා තිබූ අධිබලැති පීඩන බෝම්බයක් හමුවීමත් සමඟ ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව කන්කසන්තුරෙයි පොලීසිය එම ස්ථානයට පැමිණ බෝම්බය රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කන්කසන්තුරෙයි, අන්රානිපුරම් මුහුදු වෙරළ සීමාවේ මුහුදු වෙරළේ වළදමා තිබූ අත්බෝම්බයක් ප්‍රදේශවාසියෙකු විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, පිළිබඳව පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, මෙම අත්බෝම්බය යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් වළ දමන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

මෙම බෝම්බ පිළිබඳව මල්ලාකම් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?