කන්කසන්තුරෙයි ප්‍රදේශයෙන් බෝම්බ දෙකක් සොයාගැනේ

කන්කසන්තුරෙයි පොලිස් වසමේ ප්‍රදේශ දෙකක තිබී අධිබලැති පීඩන බෝම්බයක් සහ අත්බෝම්බයක් ඊයේ (12) සොයාගෙන තිබෙනවා.

කන්කසන්තුරෙයි, වීමන්කාමම් ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ඉඩමකින් වළදමා තිබූ අධිබලැති පීඩන බෝම්බයක් හමුවීමත් සමඟ ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව කන්කසන්තුරෙයි පොලීසිය එම ස්ථානයට පැමිණ බෝම්බය රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කන්කසන්තුරෙයි, අන්රානිපුරම් මුහුදු වෙරළ සීමාවේ මුහුදු වෙරළේ වළදමා තිබූ අත්බෝම්බයක් ප්‍රදේශවාසියෙකු විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, පිළිබඳව පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, මෙම අත්බෝම්බය යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් වළ දමන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

මෙම බෝම්බ පිළිබඳව මල්ලාකම් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40