කතානායක ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් භාර දීමට නියමිත ප්රතිශෝධිත විශ්වාසභංග යෝජනාව, නොවැම්බර් 03 අගහරුවාදා විවාදයට ගැනීමට නියමිතයි
පාර්ලිමේන්තුව නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවා.
ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්නගේ ප්රධානත්වයෙන් පසුගිය 23 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර තිබෙන බව පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නොවැම්බර් 03 අගහරුවාදා, විපක්ෂය විසින් භාර දීමට නියමිත ප්රතිශෝධිත විශ්වාසභංග යෝජනාව, විවාදය සඳහා නියම කර තිබෙනවා.
නොවැම්බර් 04 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. නොවැම්බර් 05 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.
නොවැම්බර් 06 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීමට සඳහා කාලය වෙන් කර තිබෙනවා.
විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
