කතරගම මහා විනාශයක්.. සිදුවී ඇති දේ මෙන්න

කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන සංරක්ෂණ මේ වනවිට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහයෙන් විවිධ පුද්ගලයන් විසින් හේන් හෙළි කරන මුවාවෙන් එළිකරමින් මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු පරිසර නිලධාරින් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත.

දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කඳසුරිදුගම, කරවීලේ, ලූණුගම් වෙහෙර රක්ෂිත සීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම් සීමාව, සිතුල්පව්ව වන සීමාව, තම්මැන්නාව රක්ෂිත වැව් පද්ධතියන් ඇතඑ ප‍්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඇති හැකි පිරිස් විසින් ඉඩම් ඇල්ලීම සිදු කරමින් පසුවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම වන සංරක්ෂණ කැළෑවන් මේ අයුරින් සිදු වන්නේ කතරගම ප‍්‍රදේශයේ ඉඩම් හිමි ඇති හැකි පිරිස් විසිනි.

ඉදිරියේ එන මහ කන්නනයේ හේන් කරන මුවාවෙන් මෙම වන විනාශයන් සිදු කිරීම විශාල ලෙස සිදුවෙමින් පැවතියද වන සංරක්ෂණ නිලධාරීන් කිසිදු අයුරකින් මෙම පරිසරය සුරැකීමට ක‍්‍රියා නොකරති. මෙම ඉඩම් අල්ලන අය අතර ආරක්ෂ අංශ, රාජ්‍ය නිලධාරින්, ප‍්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යපාරිකයෝද සිටිති. ඇතැම් පිරිස් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන මෙම වන විනාශයන් කරමින් පසුවෙයි.

මේ වනවිට මෙම පරිසරයේ ජීවත් වූ අලි ඇතුන්ට මෙන්ම මුවන්, ඌරන් වැනි වන සතුන්ද සිටීමට ස්ථානයක් නොමැතිව ගම් වැදීමද සිදුවේ. මේ වනවිටත් අක්කර 500 කට වැඩි සංරක්ෂිත වනයන් හා වැව් තාවුලූ ඇතුළු ප‍්‍රදේශ රැසක් මොවුන් විසින් අල්ලාගෙන තිබේ. මේ සම්බන්දයෙන් අදහස් දැක් වූ කතරගම ප‍්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි මහතා සඳහන් කළේ මෙලෙස විවිධ පිරිස් විසින් අල්ලා ගෙන ඇති බ්ම් වන සංරක්ෂණයට අයත් ඉඩම් බවයි.

කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය – divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?