කඩුවෙල වසන්තගේ ඥාති සහෝදරියක් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කඩුවෙල වසන්තගේ ඥාති සහෝදරියක්ව සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුව වීරඹුගෙදර පොලීසිය විසින් ඉකුත් 10 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.

වීරඹුගෙදර පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මීගමුව – කුරුණෑගල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සැකකටයුතු මෝටර් කාර් රථයක් නවත්වා පරීක්ෂා කර ඇත.එම රථය තුළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇත.ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 06 ක මුදලක් සහ ගංජා මිලි ග්‍රෑම් 1300 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් ගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කඩුවෙල වසන්තගේ බිරිදගේ සහෝදරයාගේ බිරිද බවයි.ඇය හෝමාගම – පැලෑදගොඩපාර පදිංචි 46 හැවිරිදි තැනැත්තියකි.අනෙක් සැකකරුවන් දෙදෙනා පාදුක්ක – ඌරුවෙල සහ හෝමාගම සමගි මාවතේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය සහ සැකකරුවන් කුමන ස්ථානයක් දක්වා ගමන් කරමින් සිටියේද යන්න මෙතෙක් අනාවරණය කර නැත.

සැකකරුවන් සහ සැකකාරිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40