කටුනායක පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවල අර්බුදයක්

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ , පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ස්ථාපිත කර තිබෙන ” දේශසීමා පරිගණක පද්ධතිය (Border Control Computer System) ” අද (20) දින පස්වරු 01.45 පමණ සිට මේ වනතෙක් අක්‍රිය වී පවතිනවා.

යුරෝපයේ සහ අනෙකුත් රටවල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධති වෙත ” සයිබර් ප්‍රහාරයක්” එල්ල වී ඇති බවට තොරතුරු ද අනාවරණය වී ඇති බවටට්යි ආරංචි මාර්ග පවසන්නේ.

එසේම ශ්‍රී ලංකාවේ මෙම පරිගණක පද්ධතිය වසර 08 ක කාලයක සිට පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත කර නඩත්තු කර ගෙන යමින් පවතින අතර , මෙම පද්ධතිය සෑම මසකම කීපවරක්ම මේ ආකාරයට අක්‍රිය වන අතර බොහෝ දින වල පස්වරුවේ මෙම පද්ධතිය මන්දගාමී වීම ඇති වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

ශ්‍රී ලංකාවට සංචාරයකයන් වැඩි වශයෙන් පැමිණෙන මෙවැනි වකවානුවක මෙවැනි දුර්වල පරිගණක පද්ධතියක් වෙනුවට රජය මගින් ස්ථාපිත කළ රජය මගින් නඩත්තු කෙරෙන පරිගණක පද්ධතියක අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53