කළුතර බන්ධනාගාරය තුළ දී ගෙළවැලලා ගැනීමට උත්සහ කළ රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල, වැලියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම රැඳවියා මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 31 වනදා කළුතර බන්ධනාගාරයට යොමු කර සිටි අයෙක්.
මියගොස් ඇති රැඳවියා බන්ධනාගාරයේ වැසිකිළියක් තුළ ගෙළවැලලා ගැනීමට උත්සාහ කරමින් සිටිය දී තවත් රැඳවියන් පිරිසක් දැක බේරාගෙන ඇති අතර, පසුව එම රැඳවියා නාගොඩ කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස රෝහල් ගතකළ රැඳවියා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
