හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 7 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (2) දින නියම කර තිබෙනවා.
කොළඔ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ සිද්ධියට අදාල නඩුව යළි කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළා.
පසුගිය පාලන කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවට වාර්තාවෙනවා.
ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂි අංක 05,07 සහ 23 ට අධිකරණයෙන් සිතාසි නිකුත් කරනු ලැබුවා.
ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල , නිපුණි ක්‍රිෂ්ණිකා යන පිරිසට අධි චෝදනා ගොනු කර තිබෙනවා.
සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අනෙක් සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.
