කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ , පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ස්ථාපිත කර තිබෙන ” දේශසීමා පරිගණක පද්ධතිය (Border Control Computer System) ” අද (20) දින පස්වරු 01.45 පමණ සිට මේ වනතෙක් අක්‍රිය වී පවතිනවා.
යුරෝපයේ සහ අනෙකුත් රටවල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධති වෙත ” සයිබර් ප්‍රහාරයක්” එල්ල වී ඇති බවට තොරතුරු ද අනාවරණය වී ඇති බවටට්යි ආරංචි මාර්ග පවසන්නේ.
එසේම ශ්‍රී ලංකාවේ මෙම පරිගණක පද්ධතිය වසර 08 ක කාලයක සිට පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත කර නඩත්තු කර ගෙන යමින් පවතින අතර , මෙම පද්ධතිය සෑම මසකම කීපවරක්ම මේ ආකාරයට අක්‍රිය වන අතර බොහෝ දින වල පස්වරුවේ මෙම පද්ධතිය මන්දගාමී වීම ඇති වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
ශ්‍රී ලංකාවට සංචාරයකයන් වැඩි වශයෙන් පැමිණෙන මෙවැනි වකවානුවක මෙවැනි දුර්වල පරිගණක පද්ධතියක් වෙනුවට රජය මගින් ස්ථාපිත කළ රජය මගින් නඩත්තු කෙරෙන පරිගණක පද්ධතියක අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙනවා.














You need trained staff and also they have update themselves with software development. Moment they get the experience they will quit and go abroad for better pay
Added you cannot use a computer system for more than 3 years. You have to update the hardware and software.