කටුනායක ගුවන් තොටුපලට ආ ගුවන් යානා දෙකක් මත්තලට

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ (04) දින රාත්‍රී පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.

මෙයින් පළමු ගුවන් යානය වූයේ 05/04 දින රාත්‍රී 10.25 කටුනායක ගුවන් තොටුපළ වෙත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන යානයයි .

මෙම ගුවන් යානය තුළ මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර එම ගුවන් යානය ඒ අනුව 05/04 දින රාත්‍රී 11.35 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

මේ වනවිට එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබෙන බවයි වාර්තාවන්නේ.

මීට අමතරව මාලදිවයින මාලේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 104 දරන ගුවන් යානය 05/04 දින රාත්‍රී 10.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපළ අවට ඒ වනවිට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා අද (05) දින අලුයම 12.02 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ අතර එම යානය තුළ සිටි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , එම ගුවන් යානයෙන් පිටතට බස්වා නොතිබුණි .

එහෙත් ඊට ස්වල්ප වේලාවකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්වය යහපත් වීමත් සමග මෙම ගුවන් යානය යළිත් මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී 05/05 දින අලුයම 01.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06