spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටාර් රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කටාර්හි රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 600,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මන්නාරම ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පැමිණිල්ලට අනුව සැකකාර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 31ට වැඩි යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්.

පැමිණිලිකරු අවස්ථා කිහිපයකදී සැකකාරියන්ගේ ගිණුමට මුදල් තැන්පත් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රය ද ඔවුන්ට ලබාදී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකාරියන් අත්අඩංගුවට ගැනීම සඳහා මන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?