spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ තොග රැගත් නෞකාවක් හෙට දිවයිනට : රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමත් සීමා කරලා

මෙරටට අවශ්‍ය කරන ඖෂධ තොග රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා. ඉන්දීය ණය ප්‍රතිපාදන යටතේ මෙරටට හිමි වන ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ 101ක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ.

පසුගිය 22 වනදා පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ ලබා ගැනීමට අදාල ණයවර ලිපි මේ වන විට නිකුත් කර තිබුණ ද ඒවා මෙරටට ගෙන්වා ගැනීමට දින සියයක පමණ කාලයක් ගත වන බවයි.

එතෙක් ඉන්දියාවෙන් ණය ප්‍රතිපාදන යටතේ හිමි වන ඖෂධ බෙදා හැරීම සිදු කිරීමට නියමිතයි.

මේ අතර පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම පවා සීමා කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න පැවසුවේ කොළඹ ජාතික රෝහලේ පවා ඖෂධ ලබා දීම සීමා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?