spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕමානය සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඕමානය සමග අද පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ බුලවායෝ හිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුමට පහරදුන් ඕමාන කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 98ක් පමණයි.

Ayaan Khan ලකුණු 41ක් සහ Jatinder Singh ලකුණු 21ක් ලබා ගත්තා.

වනිඳු හසරංග කඩුලු 5ක් සහ ලහිරු කුමාර කඩුලු 3ක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 15ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. පැතුම් නිස්සංක ලකුණු 37ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 61ක් ලබාගත්තා.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 25 වනදා පැවැත්වෙන්නේ අයර්ලන්තය සමගයි. ඒ බුලවායෝහිදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?