Empty Ad
Empty Ad
AFC Banner

ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක කියයි

වර්තමානයේ රට තුළ සමාජ මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රජයක් නොමැති තත්ත්වයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය සහ වංචාව ඉහළ ගොස් ඇති අතර අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජීවිත අහිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගුරු උපදේශකවරුන් සමග අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක් වෙමින්.

ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතක රජයේ හොරකම, වංචාව සහ දූෂණය ඉස්මතු වී ඇති අතර දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව පත්ව සිටින දුකින් මුදවා ගැනීමට නොහැකි නම් නව වරමක් සඳහා යා යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවයි සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බැවින් ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ස්වෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බවත් රජයට රට ගොඩ ගැනීමට නොහැකි නම් ජන වරමකට යා යුතු අතර එම ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය සුදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ඇමතිගේ අවධානය පිණිසයි - මේවා විසඳන්න වෙයි
Video thumbnail
කථානායකට බඩු පැකට් - අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා CIDයට පැමිණිල්ලක්
05:08
Video thumbnail
ජාතික රෝහල වටේ යන ගමන් බෙල්ලන ලොකු අඩව්වක් අල්ලයි - අහෝ දෙවියනි මේකට සවන් දියව්... දියව්...
09:03
Video thumbnail
කොළඹ සහල් වෙළඳුන්ට වැඩ වැරදුණු හැටි
07:28
Video thumbnail
Breaking News 🛑හඳුනා නොගත් වෛරසයකින් 143ක් ජීවිතක්ෂයට | ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්
01:26
Video thumbnail
පොහොර මෙට්‍රික් ටොන් 55ක් බාරගන්න ගිය ලාල් කාන්ත සහෝදරයා කිව්ව කතාව
04:50
Video thumbnail
හිටපු ජනපති චිත්‍රපටි බලන්න යයි - එළියට ඇවිත් කරපු කතාව මෙන්න
02:29
Video thumbnail
වැඩිකල් දුවන්න වෙන්නේ නෑ අනුර මහත්තයෝ
06:34
Video thumbnail
ළමයින්ට ඉන්න තියෙන කාමරේක බීලා නිදාගෙන හිටපු කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවා මාට්ටු
04:33
Video thumbnail
පොහොටුවේ අලුත් හාදයෙක් ජනපති අනුරව නැත්තටම නැතිකරයි
13:07

?