ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක කියයි

වර්තමානයේ රට තුළ සමාජ මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රජයක් නොමැති තත්ත්වයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය සහ වංචාව ඉහළ ගොස් ඇති අතර අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජීවිත අහිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගුරු උපදේශකවරුන් සමග අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක් වෙමින්.

ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතක රජයේ හොරකම, වංචාව සහ දූෂණය ඉස්මතු වී ඇති අතර දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව පත්ව සිටින දුකින් මුදවා ගැනීමට නොහැකි නම් නව වරමක් සඳහා යා යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවයි සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බැවින් ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ස්වෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බවත් රජයට රට ගොඩ ගැනීමට නොහැකි නම් ජන වරමකට යා යුතු අතර එම ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය සුදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14