ඔමික්‍රෝන් ආසාදිතයා පිටරට සංචාරකයෙක් නෙවෙයි

මෙරටදී ඔමික්‍රෝන් ආසාදිතව හඳුනාගෙන ඇති රෝගියා මෙරටට පැමිණි සංචාරකයෙක් නොව දකුණු අප‍්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයකු බවට හඳුනාගෙන ඇතැයි ද, මෙරටට පැමිණීමට තහනම් කර ඇති රටවල් 06 න් පසුගිය දින 21 ක කාලයේ දී මෙරටට කිසිදු සංචාරකයකු පැමිණ නැතැයි ද සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ වන විට කටුනායක ගුවන් තොටුපළ තුළ එන්නත් දෙකම ලබාගෙන ඇති සංචාරකයන් රටට ඇතුළත් කර ගැනීම සිදුකරන බවත්, රටට පැමිණෙන සියලූම සංචාරකයන් පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමුවිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ කරනවා නම් ඒ අනුව කටයුතු කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

සංචාරක අමාත්‍යාංශය රටට සංචාරකයන් ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී තිබෙන උපදෙස් අනුව බව ද කී ඒ මහතා මේ වසරේ නොවැම්බර් 30 වැනි දා වන විට සංචාරකයන් එක්ලක්‍ෂ පන්දහසක් රටට පැමිණ ඇතැයි ද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23