ඔනේෂ් සුභසිංහගේ අභිරහස් ඝාතනය ගැන විශේෂ විමර්ශනයක්

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඔපෙක්ස් සමූහ ව්‍යාපාරයේ’ අධිපති ඔනේෂ් සුභසිංහ ඉන්දුනීසියාවේ දී අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඔනේෂ් සුභසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලිසිය ද මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම විමර්ශනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඔනේෂ් සුභසිංහගේ ඝාතනයට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

පොලිසිය සැකපළ කරන්නේ ඔහු විවාහා වී සිටි බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරියක වූ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.

ඝාතනයෙන් පසු බ්‍රසීල ජාතික සැකකාර බිරිඳ සහ ඇගේ මිතුරිය සිව්හැවිරිදි දියණිය ද රැගෙන බ්‍රසීලයට පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔනේෂ් සුභසිංහ සිය බිරිඳ, ඇගේ යෙහෙළිය සහ සිව්හැවිරිදි දියණිය සමඟ ඉන්දුනීසියාවේ චාරිකාවක නිරතව සිටිය දී සුපිරි මහල් නිවාසයක දී අභිරහස් ලෙස ඝාතනය ලක්ව තිබුණා.

මියයන විට ඔනේෂ් සුභසිංහ 41 වැනි වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?