spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් අවුලක් නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

මෑතකදී හඳුන්වාදුන්, රාජ්‍ය සේවයේ බලපත්‍රමත අන්තර්ජාල හරහා ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයේ ගැටළු රාශියක් පැන නැගී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින් ද අදාල ක්‍රමවේදය සකස් කල පුද්ගලික ආයතනය වෙත මෙම පද්ධතියේ ගැටලු ඇති බැවින්, කඩිනමින් එම ගැටලු නිරාකරණය කර දෙන ලෙස දන්වා තිබුණා.

බලපත්‍ර මත අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කිරීමේ දී බලපත්‍රයේ සඳහන් දත්ත නිවැරැදි ලෙස ඇතුලත් කිරීමට ඇතැම් පුද්ගලයන් නොදැන සිටීම මත සහ හඳුන්වාදී ඇති පද්ධතියේ දිගින් දිගටම දෝෂයන් වාර්තා වීම හේතුවෙන් ,එම බලපත්‍ර ලාභීන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අපහාසුතාවයට පත්වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මේ පිළිබඳ අදාල පාර්ශවන් දැනුවත් කල ද නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ (22)දින සවස 06.00 සිට ඇතැම් රාජකාරී කටයුතු වලින් ඉවත්වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කරන මගීන්ගේ සේවා සිදු නොකිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර ඇති බවයි සදහන් කළේ.

WhatsApp Image 2024 03 23 at 19.05.51
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?