ඒජන්සි හිමිකරුවෙකුට වසර 15ක සිරදඬුවමක්

රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට වැඩි පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරු වූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට අද වසර 15ක සිරදඬුවමක් නියම කෙරුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුල්‍ය වංචා සිදුකළ පුද්ගලයෙකුටයි.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06 බැගින් වසර හත හමාරක සිර දඬුවමක් ද අධිකරණය විසින් නියම කළා.

විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකු වන නො. 25/ 27, ශ්‍රී විපුල සේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් ‘රොෂාන්’ නැමැත්තාට මෙලෙස සිරදඬුවම් නියම විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted