‘එළු ගාලේ නොන්ජා මංජු’ බිරිඳ සමඟම රිමාන්ඩ්

කොටදෙනියාව සහ කුරුණෑගල යන පොලිස් වසම් තුළ රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදල්, රන් භාණ්ඩ සහ දේපළ සොරාගත් “එළු ගාලේ නොන්ජා මංජු ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ ඔහුගේ බිරිඳ ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි විසින් ඊයේ (01) මෙම සැකකරුවන් රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළා.

කොටදෙනියාව, කිතුල්වල මුනිදාස කුමාරතුංග විදුහලේ විදුහල්පති කාමරය කඩා රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සොරා ගැනීම සහ නාල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් 50000කට ආසන්න මුදල් සහ භාණ්ඩ සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කුරුණෑගල නගරයේ අම්මාන් කෝවිල මාවතේ පදිංචි සැකකරුව සහ සැකකාරිය ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් කොටදෙණියාව පොලිස් වසමේ සිදුකළ සොරකම් දෙකට අමතරව සැකකරු විසින් කුරුණෑගල පොලිස් වසමේ වෙළඳසැල් 04 කින් සහ නිවාස 08 කින් මුදල්, රන් ආභරණ සහ වෙනත් දේපළ සොරාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දේපළවලින් කොටසක් කොටදෙනියාව පොලිසිය මඟින් සොයා ගෙන ඇති අතර, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සැකකරු හෙරොයින් පානය සඳහා දිනකට රුපියල් 15,000ක පමණ මුදලක් වැය වන බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් සොරා ගන්නා භාණ්ඩ සහ රන් ආභරණ අලෙවි කිරීම සහ උකස් කිරීම සැකකරුගේ බිරිඳ විසින් සිදුකර ඇති බවත් එසේ උකස්කර සහ විකුණා ලබාගන්නා මුදල් සැකකරු විසින් හෙරොයින් පානය සඳහා වියදම් කර ඇති බව අධිකරණයේ දී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03