එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල කලඹමින් සැරිසරනවා.
එම පනත් ලේඛනයේ දැක්වෙන්නේ මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වයි.
මේ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වනවා.
මෙය එම අයිතිය තහවුරු කිරීම වස් සකස් කොට විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි යනුවෙන්.
එය අනුව මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
එහි පළවෙනි යෝජනාවේ දැක්වෙන්නෙ මෙම පනත තුළින් බලය පැවරෙනුයේ, පුරුෂයකුට කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්නයි.
එමෙන්ම එහි හයවෙනි යෝජනාවේ තම සැමියාට තවත් කසාදයක් කරගැන්වීම අවශ්‍ය නම් විවාහක කාන්තාවට අයිතිය තිබෙනවා.
තම සැමියාට සුදුසු වෙනත් කාන්තාවක් සොයා විවාහ කරදීම මුල් කාන්තාවට මේ අනුව බලය පැවරේ යනුවෙන්.
මේ ආකාරයේ ව්‍යාකරණ දෝෂ සහ යථාර්ථවාදී නොවන සැක උපදවන යෝජනා ගණනාවක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.
කාන්තා යටිතල පහසුකම් නැංවීම පිළිබඳ අමාත්‍යවරයා විසින් 2021 නොවැම්බර් 19 වන දින ඉදිරිපත් කරන ලද බවට හැඟවෙන ලෙස සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අප අදාළ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
එහිදී අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චානුක ගුණතිලක අප සමග පවසා සිටියේ, මෙම පනත් කෙටුම්පත් ආකෘතිය සහමුලින්ම ව්‍යාජ එකක් බවයි.
ඒ ආකාරයේ කිසිදු සූදානමක් හෝ එවැනි කිසිදු පනත් කෙටුම්පතක් මේ දක්වා ඉදිරිපත් කර හෝ එලෙස ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ව්‍යාජ ලේඛනය සැකසූ සහ එය සමාජ මාධ්‍ය වෙත උඩුගත කළ සියලු පුද්ගලයින් සොයා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විෂය භාර අමාත්‍යවරයා වන පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීමට සැරසෙන බවයි.















Not a bad idea. Also one lady should be able to marry two males. It releases the burden of the married man and share the burden with another man. Financially it will be very effective.