එක් කෝටි පනස් එක්ලක්ෂ පනස් දහසක් වන විදෙස් දුම්වැටි සමග සිව්දෙනෙකු අධිකරණයට

රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගීන් සිව්දෙනෙකු සමග ඊයේ (17) සහ අද (18) දෙදින පැය 12ක කාලයක් තුළ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සියලු දෙනා ම ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොග රැගෙන විත් ඇති බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

අද අලුයම 01.20 ට ඩුබායි සිට, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.-569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ගුවන් මගී කාන්තාවක් සහ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ගුවන් මගී තරුණයෙකු ද සිය ගමන් මළු තුළ සඟවා ගෙන , “ප්ලැටිනම්” සහ ”මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 68,000ක් අඩංගු දුම්වැටි කාටූන් 340ක් රැගෙන විත් තිබුණා.

ඊට අමතරව ඊයේ දින පස්වරු 01.20 ට සහ පස්වරු 05.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි සහ ෆිට්ස් එයාර් ගුවන් සේවා යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 35 හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි ගුවන් මගියෙකු සහ 51 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් විදේශීය නිෂ්පාදිත ”බෙන්සන්”, “ප්ලැටිනම්” සහ “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 33,000ක් අඩංගු දුම්වැටි කාටූන් 165ක් සිය ගමන් මළු තුළ සඟවාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් සියලු දෙනා ම මේ වනවිට පොලිස් ඇප මත මුදා හැරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් සමග නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගය ද එළඹෙන හෙට (19) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53