එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන නිත්‍ය සැසිවාරය අද (07) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ආරම්භ වනවා.
මෙම සැසිවාරය අද (07) දිනයේ සිට ලබන මස 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
සැසිවාරයේ ආරම්භක දිනය වන අද දිනයේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අදහස් පළ කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් ද මෙම සතියේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













