ඇමරිකාවේ දරුණු ගුවන් අනතුරක් පස්දෙනෙකුට දිවි අහිමිවෙයි

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින්
පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇමසන් එයාර් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ යානය මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මෙහිදී
යානය නවතා තිබූ තිබූ වාහන කිහිපයක් ද ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

බෝයිං 67 වර්ගයේ මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පුවර්ටෝ රිකෝවේ සැන් ජුවාන් හි ලුයිස් මුනොස් මැරින් ජාත්‍යන්තර ගුවන්තොටුළේ සිට මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අනතුර සිදුවන විට මයෑමි ගුවන් තොටුපොළ ආශ්‍රිතව දැඩි සුළං සහිත වර්ෂාවක් පැවති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර අනතුරින් පසු ඇමරිකානු ගුවන් සේවා පරිපාලන ආයතනය එම ගුවන් තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් අවමශයෙන් පුද්ගලයින් පස්දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර, තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත් බව මියාමි-ඩේඩ් ප්‍රාන්ත නගරාධිපති ඩැනියෙලා ලෙවින් කැවා මාධ්‍ය වෙත සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46