Fly high Get bonus Aviator Phone

එක්සත් ජනපද උප ජනාධිපති වැන්ස් හා පාප් වහන්සේ අතර හමුවක්

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි රෝමයේ වතිකානුවේ දී මෙම හමුව පෞද්ගලිකව සිදු වී ඇති බවයි.

ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවත් එහි දී පාස්කු ඉරිදා සමරමින් විශේෂ සුබ පැතුම් ද වැන්ස් විසින් පාප් වහන්සේ වෙත පුද දෙනු ලැබූ බවත් සඳහන්.

මේ සති අන්තයේ සිය පවුලේ අය සමඟ ඉතාලියට ගොස් සිටින උප ජනාධිපතිවරයා පෙරේදා දිනයේ දී ජ්‍යේෂ්ඨ වතිකානු නියෝජිතයින් සමග ද සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

නියුමෝනියාවෙන් සුවය ලබමින් සිටින පාප් වහන්සේ එම සාකච්ඡාවලට සහභාගී වී නැහැ.

එක්සත් ජනපදයෙන් මිලියන ගණනක් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම්, විදේශ ආධාර සහ දේශීය සුබසාධන වැඩසටහන් සඳහා සිදු කර කප්පාදු කිරීම්, ප්‍රතිසංස්කරණයන් මීට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?