එංගලන්තය සමඟ තුන්වන ටෙස්ට් තරගය මැද අශ්වින් තරගය හැර යයි

එංගලන්තය සමඟ රාජ්කොට් හිදී මේ දිනවල පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයෙන් ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පවුලේ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තරගය අතර මැද දී ඉවත්ව ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තුන්වන දිනට තරගය අද (17) ආරම්භ වන අතර, ඔහු ඉක්මනින් කණ්ඩායම සමඟ එක් නොවුනගොත් ඉන්දීය පිළට මෙම තරගයේ ඉදිරි දින තුන තුළ ක්‍රීඩා කිරීමට සිදුවන්න්නේ ක්‍රීඩකයින් දසදෙනෙකුගෙන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම අවස්ථාවේ දී අශ්වින්ට සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම සහයෝගය ලබාදෙන බවයි.

ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ඉතා වැදගත් වන බවත්,මෙම අභියෝගාත්මක කාලය හරහා ගමන් කරන අශ්වින් සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40