spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තය සමඟ තුන්වන ටෙස්ට් තරගය මැද අශ්වින් තරගය හැර යයි

එංගලන්තය සමඟ රාජ්කොට් හිදී මේ දිනවල පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයෙන් ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පවුලේ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තරගය අතර මැද දී ඉවත්ව ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තුන්වන දිනට තරගය අද (17) ආරම්භ වන අතර, ඔහු ඉක්මනින් කණ්ඩායම සමඟ එක් නොවුනගොත් ඉන්දීය පිළට මෙම තරගයේ ඉදිරි දින තුන තුළ ක්‍රීඩා කිරීමට සිදුවන්න්නේ ක්‍රීඩකයින් දසදෙනෙකුගෙන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම අවස්ථාවේ දී අශ්වින්ට සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම සහයෝගය ලබාදෙන බවයි.

ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ඉතා වැදගත් වන බවත්,මෙම අභියෝගාත්මක කාලය හරහා ගමන් කරන අශ්වින් සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
10
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?