උසාවි නියෝග තඹේකට මායිම් නොකර වෙළඳපොළට ආ චීන සැමන්

මෙරටට ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව තොරතරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ජාතික පාරිභෝගික පෙරමුණ විසින් ඊයේ (05) මධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය සිදුකළා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සැමන් වර්ගය චීනයෙන් ආනයනය කර ඇති බවයි එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර හරිස්චන්ද්‍ර පැවසුවේ.

මෙලෙස ආනයනය කර ඇති චීන සැමන් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් උඩ අධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින් වෙනත් ලේබලයක් යටතේ මෙම සැමන් වර්ගය වෙළෙඳපොළට නිකුත් ඇතිකර බව ඔහු පැවසුවා.

“චීනයෙන් ආනයනය කරනවා සැමන් වර්ගයක් ඒවායේ මාළු වෙනම වළලන්නත්, ටින් වෙනම වළලන්නත් නියෝග කරලා තියෙනවා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය, මේ වෙනකොට ඒක වෙනත් ලේබලයකින් කොහොමද වෙළෙඳපොළට ආවේ. ආනයනික චීන සැමන් එක 2021.03.28 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2024.03.28 තමයි කල් ඉකුත්වීමේ දිනය තියෙන්නේ. මේකේ ලේබල් එකත් මාරු කරලා තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
5
+1
11
+1
7
+1
4
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41