Empty Ad
AFC Banner
Empty Ad

උසස් පෙළ විභාගය අද සිට – ජංගම දුරකථන රැගෙන යා හැක්කේ ශාලාධිපතිවරුන්ට පමණයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වනවා.

අද (25) ආරම්භ වන අපොස උසස් පෙළ විභාග දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත් වෙනවා.

මෙවර විභාගය වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක සහාය ඇතිව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312ක් ස්ථාපිත කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුකම් ලබා ඇති අතර, ඊට පාසල් අයදුම්කරුවන් 253,390ක් ඇතුළත්.

මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති පෞද්ගලික අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 79,795ක්.

මේ අතර විභාග වංචා වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එමෙන්ම විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ විභාග ශාලා තුළට ජංගම දුරකථන රැගෙන යා හැක්කේ ශාලාධිපතිවරුන්ට පමණක් බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට සූදානමින් සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කර සිටියා.

ඒ, සඳහා විශේෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
02:27:14
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30
Video thumbnail
IOC ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
06:07
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19

?