මිලියන 70කට ආසන්න වටිනාකමක් සහිත කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

රුපියල් මිලියන 69කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ අද (04) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 174යි ග්‍රෑම් 126ක පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනී ආයතනය, මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවයි.

වෙරළට ආසන්න කැලෑබඳ ප්‍රදේශයේ තිබූ සැක කටයුතු උර 07ක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරුණා.

එම උර හතෙහි පාර්සල් 84ක අසුරන ලද කේරළ ගංජා තොගය තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 69කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදීමට කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46