උසස් පෙළ කාලසටහන හෙට (වීඩියෝ)

උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන හෙට දිනයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාළ කාලසටහන විභාග අපේක්ෂකයන්ට දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත එහෙත් මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ නව අයදුම්කරුවන්ට හෙට සිට දින 4ක කාලයක් තුල අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස්වරයා කියාසිටියේ.

2023 වර්ෂය සඳහා නියමිත උසස්පෙළ විභාගය සිසුන්ගේ ඉල්ලීම මත මෙන්ම ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි ජනවාරි 4 සිට 30 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

උසස් පෙළ විභාගය කල් යාම හමුවේ සාමාන්‍ය පෙළ විභාගය ද කල් යන බව ඔහු සඳහන් කළා.

උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේදීයි.

කෙසේවෙතත් උසස් පෙළ විභාගය ජනවාරි මාසයට කල් යාම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි අමිත් ජයසුන්දර මහතා කියාසිටියේ.

කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46