spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ එස් තුනක් ඇති සැමට උපාධිය හදාරන්න ණයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනකට සාමාන්‍ය සාමාර්ථ ලැබූවන්ට කෑගල්ල පරගම්මන සණස කැම්පස් වෙතින් උපාධි ලබා ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව උපාධිය හදාරන වසර හතරක කාලය තුළ මාසයකට රුපියල් 8,000ක මුදලක් ගෙවා එය හිමි කර ගැනීමට පහසුකම් සලසා දී තිබෙන අතර උපාධිය සඳහා අය කරන ඉතිරි මුදල රැකියා අවස්ථාවකට පිවිස වාරික වශයෙන් ගෙවීමට විද්‍යාර්ථීන්ට අවස්ථාව ලබාදී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය විජිතපුර විමලරතන හිමියෝ පැවසූහ.

බැංකුකරණය හා මූල්‍ය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය B.sc(Hon) Degree in Banking & Finance, කලාපීය විද්‍යාව හා සැළසුම්කරණය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය B.sc(Hon) Degree in Regional Sciance & Planning සහ රක්ෂණය සහ අවධානම් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය B.sc(Hon) Degree in Insurance & Risk Management උපාධි මෙම විශේෂ ණය පහසුකම යටතේ හැදෑරීමට අවස්ථාව උදාකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
5
+1
3
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?