උසස්වීම් ලබාදීමේ දී කාන්තා පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක්

ශ්‍රී ලංකා පොලිස් සේවයේ උසස්වීම් ලබාදීමේ දී පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුව ඇති බව ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ, අදාළ කාරක සභාව පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මේ වන විට මුළු සේවා කාලය වසර 26ක් සම්පූර්ණ කර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ යෙදී සිටියත් ඔවුන්ගේ උසස්වීම් සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනා ගැනීමක් මෙතෙක් සිදුකර නැති බව මෙහිදී අනාවරණය වුණා.

මෙම කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමේ ක්‍රමවේදය, වැටුප් තලය පිරිමි නිලධාරීන් හා එක සමාන ආකාරයකට වන අතර, පුහුණුව කිසිඳු වෙනසක් නොමැතිව එකම පුහුණු පාසැලක එකට සිදුකරන බවත් පුහුණුවෙන් පසු රාජකාරී යෙදවීම ද වෙනසකින් තොරව එකම ආකාරයට සිදුකරන අතර විශ්‍රාම යාමේ ක්‍රමවේදය ද එකම ක්‍රමයක්.

නමුත් පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ දී පුරප්පාඩු සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් නොවන අතර, කාන්තා නිලධාරීන්ට පමණක් මෙම පුරප්පාඩුව සම්බන්ධ ගැටළු සෑම අවස්ථාවකම මතුවෙන බව අගතියට පත් පොලිස් නිලධාරිණියන් විසින් පෙන්වා දෙනු ලැබුවා.

ඒ, සඳහා පිළියමක් ද මෙතෙක් සකස්කර නැති බවත් මේ හේතුව නිසා ජ්‍යෙෂ්ඨත්වය අඩු පිරිමි නිලධාරීන් උසස්වීම් ලබද්දී කාන්තා නිලධාරිනියන්ට එකම තනතුරේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුව ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම මෙම ගැටළු තත්ත්වය මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ බට සංඛ්‍යාවෙන් 15%කට වැඩි පිරිසක් කාන්තා නිලධාරිනියන් වන හෙයින් සියලු තනතුරුවල ඒ ඒ තනතුරු වශයෙන් 15%ක කාන්තා නියෝජනයක් සඳහා පුරප්පාඩු ඇති කිරීමට මෙහිදී යෝජනා කෙරුණා.

දැනට පවතින ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීමට එක අවස්ථාවකට බලපාන පරිදි යම් උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, ඉහත ක්‍රමවේදය හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඒ ඒ තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නිලධාරිණියන් තනතුරුවලට පත්කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම, සහ නිශ්චිත ක්‍රමවේදයකට නිශ්චිත කාල පරාසයක්
තුළදී උසස්වීම් ලබාදීමට සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ නව පුරප්පාඩු නිර්මාණය කර ගැනීමේ කරුණු ඇතුළත් යෝජනා කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවයි.

මෙහිදී කාරක සභාවේ සභාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කළේ දැනට පොලිස් සේවයේ භට පිරිස් මුලු ප්‍රමාණයෙන් 15%ක් නිලධාරිනියන් සේවයේ යෙදෙන බැවින් දැනට පවතින පුරප්පාඩු වලින් 15%ක් කාන්තා නිලධාරිණියන් වෙනුවෙන් වෙන් කොට මේ ගැටළුව විසඳන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34