උමගේ සිරවූ කම්කරුවන් 41 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් අදියරේ

දින 12ක් පුරා ඉන්දියාවේ උමං මාර්ගයක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව සහන කණ්ඩායම් පවසනවා.

පසුගිය දින 12ක් පුරා උත්තරකාන්ද් ප්‍රදේශයේ උමං මාර්ගයක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගැනීම වෙනුවෙන් මෙම මෙහෙයුම සිදු කෙරුණා. අද දහවල් සහන කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් අදියරේ පවතින බවයි.

ගලවාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි, සිරවී සිටින සේවකයන්ට පිටතට පැමිණීම සඳහා පුළුල් නළ උමග තුලට තල්ලු කිරීම සිදු කෙරුණා.

එම නළය කම්කරුවන් වෙත යොමු කෙරුණු පසු, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) සමඟ වෛද්‍යවරයකු ගොස් ඔවුන්ගේ තත්ත්වය පරීක්ෂා කරන අතර අනතුරුවයි අදාළ නළ මාර්ගය ඔස්සේ ප්‍රවේශමෙන් බඩගා යන ආකාරය සිරවී සිටි කම්කරුවන්ට පැහැදිළි කර දීමට නියමිතයි.

කම්කරුවන් උමඟෙන් පිටතට ගෙන ඒමෙන් පසු රෝහල් ගත කිරීම සඳහා ගිලන් රථ 41ක් ද සූදානම් කර තිබෙනවා.

දින ගණනක් උමගක් තුළ සිරවී සිටීම බියකරු සිහිනයක් වන නමුත් කම්කරුවන් ඔවුන්ගේ මනෝභාවය ඉහළ මට්ටමක තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සිරුරු ක්‍රියාශීලීව තබා ගැනීම සඳහා, උමඟ තුළ වසා දැමූ අන්ත දෙක අතර කිලෝමීටර 2ක් ඇවිදිමින් සිට තිබුණා.

මිනිසුන් කොටු වී සිටින සංවෘත අවකාශය කිලෝමීටර් 2 (සැතපුම් 1.2) පමණ වන අතර එම නිසා ඔවුන්ට එහා මෙහා යාමට ඉඩකඩ පවතිනවා.

ඔවුන් තම ඥාතීන්ට, වෛද්‍යවරුන්ට සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වලට රේඩියෝ හෝ වෝකි ටෝකි හරහා වරින් වර කතා කර ඇති බව ද සඳහන්.

සන්සුන්ව සිටීමට යෝග සහ භාවනා කරන ලෙසටයි වෛද්‍යවරු සිරවී සිටි කම්කරුවන්ට උපදෙස් දී තිබුණේ.

බේරා ගැනීමට ස්ථාපිත කළ නළ කම්කරුවන් වෙත ලඟා වීමෙන් පසු ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ සමීප අධීක්ෂණය යටතේ කම්කරුවන් නළය හරහා පිටතට ගමන් කරවීමටයි සැලසුම් කර ඇත්තේ. උමගෙන් පිටත, චින්යාලිසෝර් හි ඇති තාවකාලික රෝහලකට සේවකයින් රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් පැවසුවේ සේවකයින් රෝහලට පැමිණි පසු සවිස්තරාත්මක වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වන බවයි.

උත්තර්කාෂි සහ යමූනෝත්‍රි සම්බන්ධ කිරීමට යෝජිත මාර්ගයේ උත්තරකාන්ද් හි සිල්ක්‍යාරා සහ දණ්ඩල්ගෝන් අතර පිහිටා ඇති උමග කිලෝමීටර 4.5ක දුරින් යුත් එකක් වන අතර එහි වැඩ බොහෝ දුරට අවසන් කර තිබෙනවා.

නොවැම්බර් 12 වැනිදා සිදුවූ නාය යෑමකින් පසුවයි කම්කරුවන් උමග තුළ සිරවී ඇත්තේ. ඔවුන් සිරවී සිටින ප්‍රදේශයේ උස මීටර් 8.5ක් පමණ වන අතර උමග ආරම්භයේ සිටි දිග කිලෝමීටර් 2ක් පමණ වනවා. වාසනාවකට මෙන්, ඉදිවෙමින් පවතින උමං මාර්ගයේ කම්කරුවන් සිරවූ එම කොටස විදුලිය සහ ජල සැපයුමෙන් සමන්විතයි.

පසුගිය දින 12 තුළ, හිමාලය කලාපයේ භූ විෂමතාවය සහ පසෙහි ස්වභාවය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් බොහෝ දුෂ්කරතාවන්ට ලක් වුණා. මෙම සාධක නිතර මාර්ග බාධක හා මෙහෙයුමේ ප්‍රමාදයට ද හේතු වුණා.

මෙහෙයුම අවසන් කිරීම සඳහා නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාවක් නොලැබුණේ මෙම අභියෝග හේතුවෙන්. සියල්ල හොඳින් සිදුවුවහොත් ඉදිරි පැය කිහිපය තුළ කම්කරුවන් පිටතට ගෙන ඒමට හැකිවනු ඇති බවයි ඔවුන් අද දහවල් ප්‍රකාශ කර තිබුණේ.

සිරවී සිටින කම්කරුවන්ට පටු නලයක් මගින් ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙම අනතුරත් සමග ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය (NHAI) විසින් රට පුරා ඉදිවෙමින් පවතින උමං මාර්ග 29ක ආරක්ෂිත විගණනයක් සිදු කිරීමට ද තීරණය කර තිබෙනවා.

හිමාලයා ප්‍රාන්තයේ හිමාචල් ප්‍රදේශ්හි උමං මාර්ග 12ක්, ජම්මු සහ කාශ්මීර් කලාපයේ 6ක් සහ ඉතිරිය උත්තරාකාන්ද් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල ඇතුළත්.

NHAI නිලධාරීන් සහ දිල්ලි මෙට්‍රෝ රේල් කෝපරේෂන් හි අනෙකුත් නිලධාරීන් සතියක් ඇතුළත පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ.

කඩා වැටුණු උමං මාර්ගය පිහිටා ඇත්තේ චාර් දම් වන්දනා මාර්ගයේ වන අතර එය උතුරු ඉන්දියාවේ වැදගත් හින්දු ස්ථාන හතරක් මංතීරු දෙකක මාර්ගයක් හරහා කිලෝමීටර් 890 (සැතපුම් 550) හරහා සම්බන්ධ කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක කොටසක්.

රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ කලාපයේ ඉඩම් ගිලා බැසීමට චාර් දම් ව්‍යාපෘතිය ඇතුළු කඩිනම් ඉදිකිරීම් පිළිබඳ පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන් චෝදනා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38