උපකාරක පන්ති ආරම්භය ගැන ඉඟියක්

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර අද (16) සාකච්ඡාවක් පවත්වා තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්වී ඇත.

නොවැම්බර් මස පළමුවනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් අද දිනයේ සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමි නොවේ



අපගේ නවතම වීඩියෝ පුවත්