උද්දිකගේ රථයට වෙඩි තියන්න සහාය වුණු ASP අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (05) දහවල් හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා අනුරාධපුර පොලිස් බල කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ අයෙක්.

සැකකරුට විදෙස් ගමන් තහනම් නියෝග ද්විත්වයක් ද අධිකරණය මගින් පනවා තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහානාම භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම වසරේ ජුනි මස 16 වැනිදායි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කිරීම මීට හේතුව ලෙසයි වාර්තා වූයේ.

එම නඩුව මෝසමක් මාර්ගයෙන් පසුගිය ජුනි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේ දී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත්තේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී සොයා ගැණුනු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න පිළිබඳ රස පරික්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළා.

මෙහිදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතාට පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම වෙඩිතැබීම උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරයා යන දෙදෙනා සැලසුම් සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව ඔවුන් අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ මන් ද යන්නය.

වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.

කෙසේවෙතත් මෙම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින පසුබිමක චෝදනා ලැබ සිටින සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

එම සහකාර පොලිස් අධිකාරීවරයා මැලේසියාවට ගොස් තිබෙන බවට අනාවරණය වන අතර පොලිසියේ නිසි අවසරයකින් තොරව විදේශගත වීම සහ රාජකාරි ගිනි අවිය අක්‍රමවත් ලෙස පොලිසියට භාර දීම යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ද ඒ අනුව ඉදිරියේ දී පොලිස්පතිවරයා විසින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පසුගිය ජුනි මස 14 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

එවන් පසුබිමකදියි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00