උතුරේ අවතැන් වූවන්ට ඉඩම් ඔප්පු

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරුණා.

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ යි මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර ඇත්තේ.

සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කරනු ලැබුවා.

වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?