උතුරේ අවතැන් වූවන්ට ඉඩම් ඔප්පු

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරුණා.

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ යි මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර ඇත්තේ.

සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කරනු ලැබුවා.

වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01