උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අත්හදා බැලීමක

උතුරු කොරියාව ජලය අභ්‍යන්තරයේ න්‍යෂ්ටික අවි පද්ධතියේ අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය මේ සතියේ කළ අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම අත්හදා බැලීමේ නිරත වූ බවයි උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ මෙම න්‍යෂ්ටික ඩ්‍රෝන යානා අත්හදා බැලීම නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ දී සිදු වූ බවයි.

මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් වෙනත් සාක්ෂි ලැබී නොමැති අතර ඩ්‍රෝන යානාවල හැකියාව පිළිබඳ උතුරු කොරියාවේ විස්තර අතිශයෝක්තියක් පමණක් බවටයි දකුණු කොරියාව මීට පෙර පවසා තිබුණේ.

දිය යට අවි අත්හදා බැලීමක් සිදු කිරීම සඳහා වොෂින්ටනය, සෝල් සහ ටෝකියෝ ඒකාබද්ධ අභ්‍යාස මගින් තමන් කුපිත කර ඇති බවයි උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය පවසන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික බැලස්ටික් මිසයිලවල බහුවිධ අත්හදා බැලීම් සහ නව ආයුධ දියත් කිරීම ඇතුළුව මිලිටරි ක්‍රියා වැළැක්වීමේ ප්‍රතිචාරයක් ලෙස ඔවුන් පසුගිය වසර තුළ තවත් අභ්‍යාස සිදු කර ඇති බවයි.

නමුත් උතුරු කොරියා නායකයා කියා සිටියේ අර්ධද්වීපයේ ඕනෑම වේලාවක ඇති විය හැකි යුද්ධයට සූදානම් වීම සඳහා තම පාලන තන්ත්‍රය හමුදා ශක්තිමත් කරන බවයි.

මෙම ආයුධ හෝ ඒවායේ කාර්ය සාධනය ගැන එතරම් තොරතුරු ලැබී නොමැති වුව ද උතුරු කොරියානු මාධ්‍ය විස්තර කර ඇත්තේ එමගින් සතුරු මුහුදට ගොස් දිය යට විශාල පිපිරීම් ඇති කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47