spot_imgspot_img

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා (වීඩියෝ)

උඩරට මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා මතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අංක 30 සහ 31 උමං මාර්ග අසල දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් අවහිරවී ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන බදුල්ල සිට කොළඹ බලා ගමන් කල පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර ඇල්ල ඕඩිසි දුම්රිය ද අතරමග නවතා ඇති බව බදුල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මාර්ගයට වැටී ඇති පස් හා ගල් ඉවත් කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

දුම්රිය මාර්ගය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?