Empty Ad
AFC Banner
AFC Banner

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුම ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් සභාව කල් තැබීමේ විවාදය හෙට (20) පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අනුව හෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමකින් තොරව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා විවාදය පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පොදු එකඟතාවයකින් ගෙනෙන යෝජනාවක් ලෙස විවාදය පැවැත්වීමට නියමිතව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනාව ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් එය ස්ථිර කිරීමටත් නියමිත බවයි මහලේකම්වරිය කියාසිටියේ.

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දහස් ගණනක් ජනතාව මිය ගොස් ලක්ෂ ගණනක් ජනතාව තුවාල ලබා අවතැන් වීම, විශාල ශ්‍රී ලංකිකයන් පිරිසක් මැද පෙරදිග සේවය කිරීම, ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික අහිතකර තත්ත්වයන් ඇතිවීම යනාදී කරුණු හේතුකොට ගෙන මෙම ඉල්ලීම සිදු කරමින් විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

තවද හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සමාගම් පනත යටතේ අංක 2323/41 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ අංක 2294/54 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව අංක 2354/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති ප්‍රකාශනය ද පෙරවරු 9.30ට පමණ විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී එකඟත්වය පළ වූ බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැම රටක් එක්කම ගණුදෙණු කරන්න ලෑස්තීයි - ජනපතිගේ සුපිරි සැලසුම් අහලම බලන්න
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු මහා විහාරයට ගොස් ආශිර්වාද ලබාගත් අයුරු
03:35
Video thumbnail
නාමල් සතුටින් - පොහොට්ටුව අලුත් වෙයි - තනතුරු කිහිපයක් මාරුවෙයි
05:23
Video thumbnail
කස්සප හිමිගෙන් විශේෂ හෙළිදරව්වක්
26:30
Video thumbnail
අගමැතිනියගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්
03:57
Video thumbnail
Breaking News🛑රාජ්‍ය සේවකයන් ඉදිරියේ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්
14:25
Video thumbnail
බළලා මැටියෙන් වුණාට කමක් නෑ, මීයෝ අල්ලන්නයි ඕනේ
08:57
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන හෙළිදරව්වක්
15:38
Video thumbnail
නාමල් නීතිඥයෙක් වුණාට නඩු කතා කරන්නේ නෑ
04:46
Video thumbnail
2025 අයවැයට පෙරටුගාමී පක්ෂයෙනුත් යෝජනාවලියක් - කියන්න පුළුවන් - කරන එකයි අමාරු
27:43

?