ඉහළ දැමූ වතු කම්කරු වැටුප වැඩි කාලයක් දෙන්න බෑ – මන්ත්‍රී ජීවන් තොන්ඩමන්

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පවසනවා.

එම අවබෝධතා ගිවිසුම එළිකිරීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ ඊයේ (22) ලංකා කම්කරු කොංග්‍රසයේ විශේෂ රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

වතුකරයේ ජනතාවගේ වැටුප් ඉහළ දැමුවද එම ජනතාවට වතු සමාගම් විසින් කාලයක් තිස්සේ ලබා දුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බවත්, මේ සදහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබාගැනීමට වතුකරය තුළ අරගල කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩලපිළිවෙල තමන් අගය කරන බවත්, ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාලප තරයේ හෙළා දකින බවයි ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
27
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12