ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තවත් පිරිහෙමින් පවතිනවා – පුතුන්ගෙන් බරපතළ චෝදනා

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ 1992 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බන්ධනාගාරය තුළ පිරිහෙමින් පවතින බව ඔහුගේ පුතුන් වන Kasim සහ Sulaiman Khan පවසනවා.

ඔස්ට්‍රේලියාවේ ABC නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන් පවසා ඇත්තේ මාස හයක පමණ කාලයක සිට සිය පියා සමඟ දුරකථනයෙන් කතා කිරීමට පවා අවස්ථාවක් නොලැබුණු බවයි.

ඉම්රාන් ඛාන් බැලීමට අවස්ථාව ලැබුණු පවුලේ සාමාජිකයෙකුට අනුව ඔහු අධි රුධිර පීඩනය, හෘද ස්පන්දන ගැටලු සහ දැඩි මානසික පීඩනයෙන් පෙළෙන බව පුතුන් ප්‍රකාශ කරනවා.

ඔවුන් චෝදනා කරන්නේ ඉම්රාන් ඛාන් කුඩා, අඳුරු සහ දැඩි උණුසුම් සිර මැදිරියක රඳවා ඇති අතර, පිටතට පැමිණීමට සහ කියවීමේ ද්‍රව්‍ය ලබාගැනීමට ද දැඩි සීමා පනවා ඇති බවයි.

පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්වාධීන වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකට ඔහු යොමුකරන ලෙස නියෝග කර ඇති නමුත් එය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ද පවුලේ චෝදනාවයි.

කෙසේ වෙතත්, පාකිස්ථාන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඉම්රාන් ඛාන් වෛද්‍යමය වශයෙන් යහපත් තත්ත්වයක සිටින බව සහ ඥාතීන් සමඟ දුරකථන සම්බන්ධතා සඳහා අවස්ථාව ලබාදී ඇති බව පවසනවා.

මේ අතර හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයන් රැසක් ද ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය බන්ධනාගාර පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

වසර තුනකට වැඩි කාලයක් සිරගතව සිටින ඉම්රාන් ඛාන් තවමත් පාකිස්ථාන දේශපාලනයේ ප්‍රබල බලවේගයක් බවත්, ඔහුගේ දේශපාලන බලපෑම අවසන් වී නොමැති බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46