AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව, ‍ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු, Ardiansyah Muqsit හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර හමුවක් පැවැත්වුණා.

ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේ දී මෙම නිල හමුව පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

මෙම නිල හමුවේ දී නාවික හමුදාධිපති සහ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක අතර ද්විපර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?