ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සුකොයි 30 සහ මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අද (28) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම තවත් නියමුවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙම ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා විසින් ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දැනුවත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගුවන් යානා දෙක සාමාන්‍ය ක්‍රියාකාරී පියාසර පුහුණු මෙහෙයුමක යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
6
මලපනිනව !
3
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?