Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය ධීවරයින්ගේ කරදර ඉවසන්න බැරිව යාපනයේ ධීවරයින් සත්‍යග්‍රහයක (ඡායාරූප)

ඉන්දියානු ධීවරයින්ගෙන් නොකඩවා එල්ලවන තාඩන පීඩන හා උතුරු මුහුද ආක්‍රමණයන් හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය කඩාවැටී ඇතැයි පවසමින් යාපනයේ ධීවර සංගම් කිහිපයක සාමාජිකයින් පිරිසක් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිටට යාපනයේ ධීවරයින් පිරිසක් ගොස් විරෝධතාවක නිරත වූ අතර අදාල විරෝධතාවයේ නිරත ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාපනය පොලිසිය ඊයේ (19 ) දින පියවර ගනු ලැබුවා.

විරෝධතාවයේ නිරත වූ ධීවරයින් ඉවත් කිරීම හේතුවෙන් අදාල ධීවරයින් විසින් යාපනය ජෝන් බොස්කෝ පාසල ආසන්නයේදී ඉන්දීය ධීවරයින්ට එරෙහිව විසඳුම් ලබාදෙන මෙන් සත්‍යග්‍රහායක් ආරම්භ කිරීමට පියවර ගත්තා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ,

මේ වන විට ඉන්දීය ධීවරයින් විසින් උතුරේ ධීවරයින්ගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා දැල් ආම්පන්න මෙන්ම ධීවර යාත්‍රාද විනාශ කොට ඇති අතරම උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පතද අත්පත් කරගෙන ඇති බවටත් උතුරේ ධීවරයාගේ ආර්ථීකය දිනෙන් දින අඩුවන අතරම ධීවර කර්මාන්තයද කඩාවැටීමේ අවධානමක් පවතින බවටයි.

රජයට අවස්ථා කිහිපයකදී ධීවරයින් මේන්ම ධීවර සංගම් විසින් මෙම ගැටළුවට විසඳුම් ඉල්ලුවද ලැබෙන තාවකාලික විසඳුම්වලින් මේ දක්වා ස්ථීර විසඳුමක් කරා නොයෑමෙන් ගැටළු බරපතල වී ඇති බැවින් වහාම ස්ථීර විසඳුමක් ලබාදෙන තුරු සිය සත්‍යග්‍රහය නොකඩවා දියත් කරන බවටද සත්‍යග්‍රහයේ නිරත ළුූ ධීවර සංගම් නියෝජිතයින් වැඩිදුරටත් කියා සිටියා.

17108420420 1 scaled
IMG 20240319 WA0059 1080 2
IMG 20240319 WA0058 1080 2
IMG 20240319 WA0050 1080 2
24 65f931fa810c2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49

?