ඉන්දීය ඩයස්පෝරාවේ ගෙවීම් පද්ධතිය ලේසි කරන්න මෝදිගෙන් යෝජනාවක්

ඉන්දියාවේ ”Unified Payments Interface – UPI” ඩිජිටල් ගෙවීම් පද්ධතිය තවත් රටවල ගෙවීම් ජාල සමඟ සම්බන්ධ කරමින් එහි ගෝලීය භාවිතය පුළුල් කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

මුම්බායි හි පැවති මූල්‍ය තාක්ෂණ සමුළුවක් අමතමින් මෝදි සඳහන් කළේ, විශාල ඉන්දීය ඩයස්පෝරාවක් සිටින සහ ඉන්දියාව සමඟ ශක්තිමත් වෙළෙඳ සබඳතා පවතින රටවල් වෙත UPI පද්ධතිය ප්‍රමුඛව ව්‍යාප්ත කළ යුතු බවයි.

ඉන්දියාවේ National Payments Corporation of India විසින් ක්‍රියාත්මක කරන UPI පද්ධතිය, ගනුදෙනු සංඛ්‍යාව අනුව ලොව විශාලතම ක්ෂණික සිල්ලර ගෙවීම් පද්ධතිය බව 2025 IMF වාර්තාවක් පෙන්වා දෙනවා.

නවතම දත්ත අනුව අගෝස්තු මාසයේදී පමණක් UPI හරහා ගනුදෙනු බිලියන 24.51ක් සිදුකර ඇති අතර, ඒවායේ සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් ට්‍රිලියන 29.82ක්, එනම් අමෙරිකානු ඩොලර් බිලියන 314කට වැඩියි.

UPI මේ වන විට රටවල් 11ක ක්‍රියාත්මක වන අතර සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ නේපාලය ද ඒ අතර වනවා.

2023දී UPI සහ සිංගප්පූරුවේ PayNow පද්ධතිය සම්බන්ධ කිරීමත් සමඟ ජංගම දුරකථන අංකයක් හෝ Virtual Payment Address එකක් භාවිත කර දෙරට අතර ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමේ පහසුකම ද හඳුන්වා දෙනු ලැබුවා.

UPI තවත් රටවල ගෙවීම් පද්ධති සමඟ සම්බන්ධ කිරීමෙන් විදේශගත ඉන්දියානුවන්ගේ මුදල් ප්‍රේෂණ වියදම් අඩු කිරීමටත්, දේශසීමා හරහා සිදුකරන ගනුදෙනු වඩාත් පහසු කිරීමටත් හැකිවනු ඇති බව මෝදි පෙන්වා දෙනවා.

ඉන්දීය රජය සහ එරට මහ බැංකුව ද UPI ජාත්‍යන්තර භාවිතය පුළුල් කිරීමට පසුගිය කාලය පුරා ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36